හැව්ලොක්ස් නැවත ජයග්‍රාහී මගට

දෙවැනි අර්ධයේදී දැක්වූ විශීෂ්ඨ ක්‍රීඩා රටාව නිසා ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය ජයග්‍රාහී මාවත නැවත විවිර කර ගැනීමට හැව්ලොක්ස් සමත් විය. ඊයේ (13) පැවති තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27-08 ක ජයක් වාර්තා කිරිමට හැව්ලොක්ස් කන්ඩායම සමත්විය.

කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට යුද හමුදවෙන් තරමක පීඩනයක් එල්ල වූ අතර එම අර්ධය නිමා වූයේ ලකුණු 10-08 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමිනි.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායම සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ අතර එහිදී තවත් ලකුණු 17 ක් සිය ලකුණූ පුවරුවට එක් කර ගැනිමට ඔවුන් සමත් විය.

ජයග්‍රාහී හැව්ලොක්ස් ක්‍රීඩකියන් ගෝල දිනුම් 3 ක් , දඩුවම් පහරක් හා එක් ඩ්‍රොප් ගෝලයක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර යුද හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් හා ගෝල දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.IMG_9742 IMG_9746 IMG_9765 IMG_9769 IMG_9796 IMG_9805 IMG_9821 IMG_9830 IMG_9847 IMG_9893 IMG_9932 IMG_9943

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>