හදවත් රෝගී මරණවලට හේතුවන ඩයි වර්ගයක්

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම්වලට ලක්කෙරුණු රෝගීන් හතර දෙනෙකු මියයෑමට යෑමට හේතුව ඩයි වර්ගයක් බවත් එම ඩයි වර්ගය වර්ගය තාවකාලිකව ඉවත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අනුව රෝගීන් මිය යෑම සම්බන්ධයෙන් කළ  මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ 'Non Ionic contrast media for cardio angiography for adult – 100 ml' නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබේ.

ඒ අනුව හෘද රෝග සැත්කම් සඳහා භාවිත කරන මෙම ඩයි වර්ගය පිළිබඳව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොනරාගල, යාපනය, කරාපිටිය, දකුණු කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙණිය යන රෝහල්වලට නිකුත් කර තිබිණි.

එම රෝහල් තුළ ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>