සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට ඇ.ඩො.මි. 100ක ඉන්දීය ණය

ශ්‍රී ලංකාවේ සූර්යය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො.මිලියන 100ක ණය ආධාරයක් ලබාදීමට ඉන්දීය රජය සූදානමින් සිටියි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර සූර්යය බලශක්ති එකමුතුවේදී මේ පිළිබඳ දැනුම්දී තිබූ අතර, රාජ්‍යයන් 15ක ඇ.ඩො.බිලියන 1.4ක් වටිනා සූර්ය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී සඳහන් කෙරිණි. ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහනාධාරය ඉන්දීය ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන ව්‍යාපෘතිය තුළින් මෙරට අඩු ආදායම් ලාභී නිවාස ලක්ෂ දෙකකට සූර්ය පැනල ලබාදීම සිදුවනු ඇති අතර, මේ සඳහා ඇ.ඩො.මිලියන 50ක මුදලක් ඇස්තමේන්තු ක රතිබේ. එමෙන්ම, රජයේ පාසල් සහ විද්‍යාල, රෝහල් සහ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා සූර්යය පැනල ලබාදීම සඳහා තවත් ඇ.ඩො.මිලියන 50ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

පැරිස් සම්මුතියෙන් පසුව ලෝකය අත්කර ගත් වඩාත් සුවිශේෂී ගෝලීය ඉලක්කයක් ලෙස ජාත්‍යන්තර සූර්යය බලශක්ති එකමුතුව හැඳින්විය හැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

මෙම සමුළුව පසුගිය 11දා ආරම්භ කෙරුණු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගී විය.

රාජ්‍යයන් 62ක නියෝජනයක් සහිත ජාත්‍යන්තර සූර්යය බලශක්ති එකමුතුවෙන් රාජ්‍යයන් 32ක් මේ වනවිටත් ජාත්‍යන්තර සූර්යය බලශක්ති එකමුතුවේ එකඟත්ව රාමුවට අත්සන් යොදා තිබේ. 2018 පෙබරවාරි 12 වැනිදා ශ්‍රී ලංකාව මෙහි සම්පූර්ණ සාමාජිකත්වය ලබාගෙන තිබුණි.

1_India 2

One thought on “සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට ඇ.ඩො.මි. 100ක ඉන්දීය ණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>