සී.ආර්. – සී.එච් ගෙන් වාඩුව ගනියි

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකිමෙ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. , හැව්ලොක්ස් හා මහනුවර කණ්ඩායම් සමත් විය.

එහිදී මහනුවර නිත්තවෙල පැවති තරගයේදී ගුවන් හමුදාව ලකුණු 53-14 ක් ලෙස පරාජය කිරිමට මහනුවර කණ්ඩාම සමත් වෙද්දී හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ යුද හමුදාව ලකුනු 41-20 ක් ලෙස පරාජයට පත් විය.

මේ අතර ලීග් තරගාවලියේ පැවති තරග ද්විත්වයේදීම සී.එච්. හමුවේ පරාජයට පත් වු සී.ආර්. ක්‍රීඩකයින් ක්ලිෆර්ඩ් කුසලානයේ අද (17) පැවති තරගයකින් සී.එච් පරදා ලකුනු 46-29 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීම විශේෂත්වයකි.

මෙහිදී සී.ආර්. ගෝල දිනුම් 4 ක් , උත්සාහක දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කරද්දී සී.එච්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක්, එක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළහ.

 

සී.එච් හා සී.ආර්. අතර තරගයේ අවස්ථාවන්

 

IMG_3916 IMG_3924 IMG_3950 IMG_3983 IMG_4003 IMG_4010 IMG_4023 IMG_4030 IMG_4069 IMG_4083 IMG_4094 IMG_4098

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>