සිරියාවේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් රුසියානු භටයන් දෙදෙනෙකු මරුට?

ඊසානදිග සිරියාවේ සිදුවූ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලදී රුසියානු සටන්කරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු පවතී.

සිරියානු රජයට සහාය දක්වන සටන්කරුවන් සඳහා පෞද්ගලික ආරක්ෂක සේවයක් විසින් කුලී හමුදාවක් ලෙස මෙම රුසියානු භටයන් දෙදෙනා යොදාගෙන තිබූ බව කියැවෙයි.

රුසියානු මාධ්‍ය විසින් මෙම මරණ තවමත් තහවුරු කර නොතිබුණත්, ඇමෙරිකානු මාධ්‍ය මෙම තොරතුරු හෙළි කර තිබුණි.

ඇමෙරිකාව පවසා තිබුණේ පසුගිය සතිය තුළ සිරියාවේ ක්‍රියාත්මක සටන්කාමීන් 100කට වැඩි පිරිසක් මරා දැමුණු බවයි.

කෙසේ වෙතත්, මධ්‍ය කෙසේ පැවසුවත් මෙම ප්‍රහාරවලින් රුසියානු කුලී භටයන් මියගිය බව තමන්ට තහවුරු කළ නොහැකි බව ඇමෙිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පවසා තිබේ.

1_Syria 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>