සිරියානු රසායනික ප්‍රහාරයේ සාක්ෂි අප සතුයි – ප්‍රංශ ජනපති

සිරියාවේ ඩොවුමා නගරය ඉලක්ක කරමින් එරට රජයේ හමුදා පසුගිය සතියේදී රසායනික අවි ප්‍රහාරයක් දියත් කළ බවට තමන් සතුව සාක්ෂි පවතින බව ප්‍රංශ ජනපති පවසයි.

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් පවසන්නේ සිරියාව වෙත ප්‍රහාරයක් දියත් කරන්නේ දැයි යන්න සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුකර ඇති බවයි.

මෙම ප්‍රහාරයට එරෙහිව සිරියාවට මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමට බටහිර රාජ්‍යයන් රැසක් මේ වනවිට අර අඳින අතර, ඇමෙරිකානු ජනපති ඩොන්ලඩ් ට්‍රම්ප්ද හමුදා ක්‍රියාමාර්ගයක් පිළිබඳ ඉඟි පළ කර තිබුණි.

මේ අතර, සිරියානු රජයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින රුසියානු නියෝජිතයා පවසන්නේ සිරියාව තුළ තත්ත්වය ව්‍යාකූල කිරීමට දරණ ඕනෑම පියවරකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට රුසියාව පසුබට නොවන බවයි.

1_macron

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>