සිරියානුවෙක් මැලේසියානු ගුවන් තොටුපොළේ මසක් කොටුවෙලා

මැලේසියානු ගුවන් තොටුපොළේ මාසයකට අධික කාලයක් ගත කිරීමට සිදුවූ බව සිරියානු ජාතිකයෙකු පවසයි.

සිරියාවේ පවතින සිවිල් යුද වාතාවරණය හේතුවෙන් තමාට මේ ආකාරයෙන් ගුවන් තොටුපොළේ හුවමාරු පර්යන්තයෙහි ගත කිරීමට සිදුවූ බව හසන් අල්-කොන්ටාර් පවසයි.

ඔහු පිළිබඳ පුවත ප්‍රසිද්ධියට පත්වූයේ තමන් ක්වාලලම්පූර් දෙවැනි ගුවන් තොටුපොළෙහි මෙසේ රැඳි සිටින බවට සමාජජාල තුළ සිය වීඩියෝ ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගිනි.

තම වෘත්තීය බලපත්‍රය අහිමි වීමත් සමග 2016 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මැලේසියාවට පිටුවහල් කරන ලද තමන්ට යනඑනමං නොමැතිව මේ ආකාරයෙන් රැඳී සිටීමට සිදුවූ බව ඔහු කියයි.

මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී යාමෙන් පසු කාම්බෝජයට හෝ ඉක්වදෝරයට යෑමට ගත් උත්සාහයද ඵල රහිත වූ බව ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ගුවන් තොටුපොල බලධාරීන්ට හෝ එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවට මාධ්‍යයෙන් ඉල්ලීමක් පැවතියත් ඔවුන් මේ ගැන අදහස් පළ කිරීමෙන් වැළකී සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>