සිංහලෝකයේ සිංහයා ඇහැව්වාම තේරෙයි මම මොකක්ද කරල තියෙන්නේ කියලා

චිත්‍රාල් සෝමපාල යනු අප රටෙන් බිහිවූ ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙකු බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. ඔහු විසින් කරනු ලබන ඇතැම් නිර්මාණයන්ට බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය හිමි වුවත්, ඇතැමුන් එය විවේචනය කරනු ලැබුවා.

මේ වන විට ඔහු නවතම ගීතයක් සිදුකර තිබෙනවා. 'සිංහලෝකයේ සිංහයා' ලෙස නම් කර ඇති මෙම ගීතයේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන් බවයි ඔහුගේ අදහස. මේ ඒ පිළිබඳව ඔහු පැවැසූ අදහස්.

Q අලුත් සිංදුව මොකක්ද?

මේ සිංදුවේ නම 'සිංහලෝකයේ සිංහයා'. මේක මෝර්ටිවේෂන් සෝන්ග් එකක්. අද ලංකාවේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, ඔවුන් හැමදේම හිතන්නේ නෙගටිව් විදිහටයි. මේ සිංදුවෙන් කියන්නේ තමන්ගේ ඇතුළෙ ඉන්න සිංහයා කොහොමද එළියට දාන්නේ කියලා. මේක ලිව්වේ කැලුම් අයියා. මියුසික් ඔක්කොම කළේ මම. අලුත් පරණ පරපුර අතර යන සිංදුවක් මේක.

Q ඒ ගීතයත් රොක් ආරයට නිර්මාණය වුණ එකක්ද?

ගොඩක් අය හිතයි මේක රොක් සිංදුවක් කියලා. නමුත් මම හිතන්නේ නැහැ මේක රොක් සිංදුවක් කියලා. වර්ෂන් දෙකක් තියෙනවා. එක වර්ෂන් එකක් මම තනියම සිංග් කරනවා. අනික් එකේ, මම වගේම රුවන් හෙට්ටිආරච්චි, සනුක, සමිතා, ජය ශ්‍රී, ළහිරු පෙරේරා, සංගීත් විජේසූරිය, නලීන් පෙරේරා වගේ අය දායක වෙලා ඉන්නවා.

Q කට්ටියම එක්ක මේ වගේ ගීතයක් දාල මොකක්ද කියන්න හදන්නේ?

ලංකාවේ මිනිස්සු සිංදුවල වචන අහන්න කොහොමත් පුරුදු වෙලානේ ඉන්නේ. මම හිතනවා කැලුම් ශ්‍රීමාල් ලියලා තියෙන වචනවලින් සෑහෙන්න ඉහළ මට්ටමක තියෙනවා. මම හදන්නේ මේ තියෙන මල් කියන සහ එක එක ට්‍රෙන්ඩ්වලින් එළියට යන්නයි. 

Q අද නිතරම ඇහෙන, 'ඔයා ගියා', 'දාලා යන්න එපා' වැනි සරල වචනද මේ ගීතයෙත් අඩංගු වෙලා තියෙන්නේ?

මේ ගීතයේ තියෙන්නේ සෑහෙන්න ගැඹුරු වචන. මම කැමති නැහැ, අද තියෙන ගීතවල වචනවලට. 'අරයා ගියා මෙයා ගියා', 'ඔයා මට ලැජ්ජා කෙරුවා' කියලා තමයි අද ගීතවල තියෙන්නේ. මේ ගීතය Classy එකක් තියෙනවා. මම දෙයක් කරන්නේ ජාත්‍යන්තරයට යන්නයි. මේක ඇහුවාම මිනිස්සුන්ට තේරෙයි මම මොකක්ද කරල තියෙන්නේ කියලා. 

Q 'සිංහලෝකයේ සිංහයා' ගීතයට ඔබ ලොකු වියදමක් දරනවා, මේකෙ තියෙන යටි අරමුණ මොකක්ද?

මම අනිත් කට්ටියවත් දාගන්න බැලුවේ. අපේ ලංකාවේ කවුරුත් කරන්නෙ නැහැ මේ වගේ Collaboration එකක්. මට ඕන මාවත් මාර්කට් කරගන්න.

Q ඒ කියන්නේ මේ ගීතය වෙළෙඳ භාණ්ඩයක්ද?

එහෙම නැහැ. මට ඕන වුණේ අලුත් දෙයක් ඉහළ ප්‍රමිතියක් ඇතුව නිර්මාණය කරන්නයි. මම උත්සාහ කළේ ඒ දේයි. මේකෙන් මට මොර්ටිවේට් කරන්න ඕන අපේ මිනිස්සුන්ගේ මනස ක්ලීන් කරන්න. මේ ගීතය ඇහැව්වාම තේරෙයි මම දෙන පණිවුඩය මොකක්ද කියලා. 

Q අද  ගොඩක් අය ගීත නිර්මාණය කරන්නේ Viral යන්න බලාගෙනයි. එහෙමද වෙන්න ඕන නැත්නම් මිනිස්සුන්ගේ සිත් තුළ ගීතය පවතින්න ඕනද?

මම සිංදු කරන්නේ මිනිස්සුන්ගේ හදවතට. මම ගීත Viral යවන්න කැමති නැහැ. Viral යනවා කියන එකත් දැන් ට්‍රෙන්ඩ් එකක්. මගේ මිසුයික් වීඩියෝවල හෙළුවෙන් නටන ගෑනු නැහැ. ආදර කතාවක් නැහැ. ආදර ගීතයක් කළා 'මේ වගේ ආදරයක්' චිත්‍රපටයට.

ඒක වුණත් යම්කිසි මට්ටමක් තියෙනවා. 'ඇහැරෙන්න' වුණත් ආදරය ගීතයක්. ඒකටත් මට්ටමක් තියෙනවා. ඕකත් මිනිස්සුන්ට එපා වෙනවා කාලෙකින්. මොකද ලංකාවේ මිනිස්සුන්ට හැමදේම මතක තියෙන්නේ සති දෙකයිනේ. දැන් ගොඩක් අය මල් සිංදු අහන්නත් කැමති නැහැ.

Q අද මියුසික් වීඩියෝ නිර්මාණය කරන්නේ අඩනිරුවත මූලික කරගෙන. මේ ගැන මොකද හිතන්නේ?

මම ඒ දේවල් කරනවට එකඟ නැහැ. මම මේකටත් විෂුවල් එකක් කළා. ඒක කළේ පාකිස්තාන් වල ඉන්න හොඳම ඩිරෙක්ටර් කෙනෙක්. ඒකෙත් පෙන්නනවා මිනිස්සු බීච් එකේ ඉන්නවා. නමුත් අපි ඒක නිර්මාණය කළේ ධනාත්මක විදිහට මිනිස්සුන්ට හිතන්නයි. අද නිර්මාණය කරන මියුසික් වීඩියෝවලට නම් මම කැමති නැහැ. ඕවා Youtube එකේ වුනත්  Block කරල දාන්න ඕන. 

Q ඔබ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. නව පරපුරේ දැක්ම ගැන සතුටු වෙනවාද?

සමහර අය ඉන්නවා හොඳට කරනවා. නමුත් සමහර අය ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න ගිහින් සවුත්තු වෙනවා. මට ට්‍රෙන්ඩ් එකක් කියල නැහැ. මම කවදාවත් ට්‍රෙන්ඩ් එකක් පස්සෙ යන්නෙ නෑ.

අපි කරන්න ඕන අපිට කරන්න පුළුවන් දේවල්. සමහර අය කරන්න බැරි දේවල් කරන්න ගිහින් අනා ගන්නවා. මම කරන්නේ මට පුළුවන් දේ විතරයි. අලුත් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා එච්චර හෙල්දි ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි.

Q ඔබ ලංකාවෙත් නැතුව නවකයන්ට චෝදනා කරනවා කියලා කවුරුහරි කිවුවොත්?

කාටද එහෙම කියන්න පුළුවන්. මං ලංකාවට ගොඩක් දේවල් කරලා තියෙනවා. මම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනිහින් තියෙනවා. මම අද වෙනකන් ඒ දේවල් තැන තැන කියලා නැහැ. නමුත් ඒ දේවල් ගැන දැන ගන්න ඕන. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ කාලෙදි පිටරටදී මාව ප්‍රතික්ෂේප කළා.

ගොඩක් අය කැමති වුණේ නැහැ මාව බෑන්ඩ් එකට ගන්නත්. නමුත් මම කොහොම හරි ඒ දේවල් වලට විරුද්ධ වෙලා දැන්  නමක් හදාගෙන තියෙන්නේ. ඇමෙරිකාවේ හරි කොහේදි හරි ස්ටේජ් එකකදී හරි මාව දැක්කාම ගොඩක් අය අහනවා 'උඹ කොහෙන්ද? දකුණු ඇමෙරිකාවෙන්ද කියලා', මම කිව්වාම 'මම ශ්‍රී ලංකාවෙන්' කියලා.

කොහෙද ඒ රට තියෙන්නේ කියල අහනවා. ගොඩක් අය ඒක තියෙන්නේ කොහෙද කියලවත් දන්නෙ නැහැ. ඉතිං මම ඔච්චර සේවයක් කරලත් මට එහෙම චෝදනා කරනවා. අලුත් අයට දෙයක් කිව්වොත් හිත අමාරු වෙනවා. අපි වගේ මිනිස්සුන්ට මඩ ගහන්න හදනවා. මම කරන්නේ එක දෙයයි. ලංකාවට ඇවිල්ලා දෙයක් කරලා මම ගියා. මෙතන ඉන්න ගියොත් මගේ තියෙන වටිනාකම නැති වෙනවා.

Q ඔබ දෙයක් දැක්කොත් ඒක ප්‍රසිද්ධියේම විවේචනය කරනවා. ඇයි එවැනි දේවල් කරන්නේ?

මම කාටවත් බය නෑ. මම කියන්න තියෙන දේ මූණටම කියනවා. ගොඩක් අය මේක බෞද්ධ රටක් කිය කියා දාන වීඩියෝ බලන්න. සමාජ ජාලයක් බැලුවොත් සත්තු මරණ  වීඩියෝ දානවා. පොලිටික්ස් වුණත් ලංකාවේ එන්න එන්නම සවුත්තු වෙනවා.

වෙන්න දෙයක් නැහැ වෙලා තියෙන්නේ. ඒ නිසයි මට අසාධාරණය පෙන්නන්න බැරි. මට කවුරුත්ම තාම බලපෑම් කරලා නෑ එහෙම. මගේ ළඟම ඉන්න අය නම් කියනවා දාන්න එපා වැඩක් නෑ දාල, මෝඩයෝ ඉන්නෙ කියලා. මම දැන් නම් ඒ වගේ දේවල් දානවා ටිකක් අඩුයි.

Q ලංකාවේ කොන්සර්ට් එකක් නැද්ද මේ අවුරුද්දේ?

මාව හැමතිස්සෙම දැක්කාම අගයක් නැති නිසා නිතරම කරන්නේ නැහැ. ආරාධනා එනවා භාරගන්නෙ නැහැ. නමුත් ඊළඟ අවුරුද්දේ වගේ කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ තනි කොන්සර්ට් එකක් වෙයි.

Q ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

මම English ඇල්බම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මගේ යාළුවෙක් එක්ක. එයා ඊශ්‍රායල්වල ගිටාරිස් කෙනෙක්. මගේ ඊළඟ ඉලක්කය ඒක තමයි. මගේ අම්මයි, තාත්තගෙයි සිංදු 10ක් රෙකෝඩ් කරලා තියෙනවා. එකෙ 1960, 1970 වැනි සංගීත රටාවක් තියෙන්නේ. මම ඒක මොඩර්න් කළේ නැහැ. ඒ ගීත මම ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයේ එළිදක්වනවා.

Q කට්ටිය ඔබට චෝදනා කළා අම්මගේ හා තාත්තගේ ගීත මොඩර්න් කරලා කියලා ඒවා විනාශ කළා කියලා?

මම කිසිදෙයක් විනාශ කරලා නැහැ. 'දඹුලු ගලේ' මම කළා මගේ වර්ෂන් එකකට. ඒක මම කළේ මොර්ඩන් එකක් නෙවෙයි. ඒක නිව් ඒච් කියලා මියුසික් වර්ෂන් එකක්. මිනිස්සු ඒකට එක එක කතා කිව්වා.

මාව දැක්කාම මගේ කොණ්ඩෙ දිගයි, ඒවයි මේවයි කතා ගොඩයි. ඊට පස්සෙ කියනවා සිංදුව කාලා කියලා. මම ඕවා ගණන් ගන්නෙ නැහැ. ඔතන තනිකර තියෙන්නේ ඊරිසියාව. ආර්ටිස් කෙනෙක් නම් අවදානමක් ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අය කිසිම අවදානමක් ගන්නෙ නැහැ. චූටි ළමයි වගේ.

Q අපේ රටේ නවක පරපුරට මොකක්ද කියන්න තියෙන්නේ?

මට කියන්න තියෙන්නේ මුලින්ම ඔළුව ඉදිම්මෝගන්න එපා. ලෝකෙ තියෙන සංගීත ශෛලීන් ගැන අහලා හොඳ දැනුමක් ගන්න කාගෙන් හරි. ලංකාවේ අය ඉස්සරහට යන්න ඕන නම් යුරෝපය ඇමරිකාව අනුගමනය කරන්න ඕන.

ඉන්දියාව අද තැනකට ඇවිත් තියෙන්නේ යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල් අනුගමනය කරලා. දැන් බලන්න ඉන්දියාවේ චිත්‍රපට කොහොමද කියලා. හොලිවුඩ් චිත්‍රපටයක් බලනවා වගේ. විවෘත මනසින් හැමදේම හිතන්න ඕන. ප්‍රවීණයන් කියන දේ ඇහුම්කම් දීලා දෙයක් කරන්න බලන්න ඉදිරියටම යන්න පුළුවන් වෙයි.

ඡායාරූප – කවීත් මිලින්ද

VI3A0455 VI3A0466 VI3A0477 VI3A0491

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>