සමාජ මාධ්‍ය තහනම නිසා SLT හා TRC දිනක ආදායම කෝටි 20කින් ඉහළට

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මෙන්ම වට්ස්ඇප්, වයිබර් සේවා තාවකාලිකව තහනම් කිරීම හේතුවෙන් රජයේ ආයතනවල ආදායම් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හා ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ ආදායම දිනකට රුපියල් මිලියන 200කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග ඊයේ (13දා) පැවැති හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,

“තාවකාලිකව ෆේස්බුක් නවත්තපු නිසා ඒකෙන් හොඳ ප‍්‍රතිඵලයක් ඇතිවුණා වගේම ඒකෙන් වුණ පාඩු අලාභත් අපි දන්නවා. මේකට කිසිසේත් අත තියන්න බැහැ. මුකුත් කරන්න බැහැ කියලා කලින් කතා කළාට අපි සතියක් මේක වහලා දාපුවහම ලෝකයේ හැම තැනම ඉන්න ලොකු සමාගම්වල මහත්තුරු දැන් පසුගිය සතියේ ඉඳලා ලංකාවට එනවා අපේ සමාගම්වලට ලොකු පාඩුවක් කියලා. ඒ අයගේ ආදායම් පහළ බැහලා කියලා. රජයේ ආයතනවල ආදායම් හොඳට ඉහළ ගිහිල්ලා තිබෙනවා ෆේස්බුක්, වෙබ් සයිට් වසා දැම්මට පස්සේ.

ටෙලිකොම්, විදුලි සංදේශ නියාමන කොමිසමේ දවසේ ආදායම මිලියන 200 කින් වැඩිවෙලා තිබෙනවා. අපි බැණුම් අහනවා, රට විනාශ වෙනවා, බරපතළ සිද්ධීන් ඇතිකරනවා. ඒ අතරට ඒ අය අපේ ආණ්ඩුවේ අදායමෙත් කෑල්ලක් ගලවා ගන්නවා.” යැයි පැවසීය.

07

2 thoughts on “සමාජ මාධ්‍ය තහනම නිසා SLT හා TRC දිනක ආදායම කෝටි 20කින් ඉහළට

  1. සෙනෙවි

    සමාජ මාධ්‍ය භාවිත කරගෙන ව්‍යාපාර මගින් උපයන විදේශ විනිමයත් ටෙලිකොම් සමාගම දේශියව උපයන රුපියල් සතත් ඔය ආකාරයට සැසඳීම මාර විනෝද ජනකයි

    Reply
  2. Champa

    Wow, food for thought. —— On a separate matter, Mr. President, you talk big about being local and promoting local businesses and this and that. But your government is selling all its activities/businesses, even routine work to foreign companies!!!!! Do you know Mr President, your chicken-hearted slave government is planning to sign an Agreement on Mapping of Sri Lanka's Lands with an American company called Timble Inc. valid for 4 years. I distinctly remember there was protest against this and people talked against this last year. To my utter surprise I saw a news item in "Ceylon Today" that plans are afoot to sign this agreement before April 6!!!!! How could that happen? You are fully aware of the impact of this agreement. In addition to burdening the country with another unnecessary loan, we are sharing vital information with a foreign company. Your committee of 3 is the joke of the town. I am not sure, did anybody seek foreign assistance to do our mapping? For what? —- Mr. President, your slave government is taking loans left right and centre. Nobody knows the exact amount of Sri Lanka's debt mountain. This loan for mapping our lands is totally unnecessary. Can't we do without it? Politicians take loans at their whims and fancies because the repayments are not from their pocket. General public has to bear it. Therefore, the slave politicians don't bother. You are doing the same thing the previous government did. Projects are created not due to its usefulness but purely for commissions attached to them. Teach your slave government to serve people while protecting people's rights and country's sovereignty instead of finding ways to line their pockets all the time.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>