ශා.ජෝශප් ක්‍රීඩකයින්ගේ ග්‍රහණයට ශා. තෝමස් ක්‍රීඩකයෝ නැවතත් නතුවෙති

ගල්කිස්ස ශා. තෝමස් විදුහල ලකුණු  33-10ක් ලෙස පරදමින් මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට මරදාන ශා. ජෝශප් විදුහල සමත් විය.

කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධයේදී ශා. තෝමස් ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශා. ජෝශප් ක්‍රීඩකයන් සමත් වූ අතර ඒ අනුව ලකුණු 21-05ක් ලෙස ශා. ජෝශප් ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටිමින් පළමු අර්ධය නිමාවට පත් විය.

දෙවැනි අර්ධයේදී ශා. තෝමස් ක්‍රීඩකයන්ගෙන් යම් අභියෝගයක් එල්ල වුවද ඔවුන්ගේ දුර්වල පන්දු පාලනය හමුවේ ලකුණු ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ශා. තෝමස් කණ්ඩායමට අහිමි විය.

මෙම තරගය දෙවිදුහල් අතර වාර්ෂික %ජයතිලක ආර්යා අනුස්මරණ කුසලානය (Lady Jayathilaka Memorial Challenge Trophy) වෙනුවෙන් පැවැත් වූ අතර එය මෙම වසරේදීද තමන් සන්තකයට ගැනීමට ශා. ජෝශප් විදුහල සමත් විය. 

 

AID_3791 AID_3792 AID_3799 AID_3801 AID_3809 AID_3814 AID_3816 AID_3822 AID_3826 AID_3843 AID_3860 AID_3867 AID_3868 AID_3879 AID_3882 AID_3890 AID_3897

 

ඡායාරූප- ඉසුරු පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>