වෙනස් වෙන්නේ නිදහස් පක්ෂ අමාත්‍යවරුයි

ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරන්ගේ විෂයන් වෙනස් වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ධුරයෙන් ඉවත් වන්නේදැයි යනුවෙන් යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැන්නක් සිදු නොවන බවයි.

"විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අයගේ ඇමතිධුර වෙනස් වෙනවා. දෙමළ ජාතික සන්ධානයත් සමග කිසිම කොන්දේසියක් නෑ. ඔවන් කිව්වේ නඩු වේගවත් කරන්න, ඉඩම් නිදහස් කරන්න හා අතුරුදන් වූවන් පිළිබඳව කඩිනමින් කටයුතු කරන්න කියලයි." 

Rajitha-Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>