වී තිබියදී සහල් ටොන් ලක්ෂ 8කට වැඩිය ආනයනය කරලා

මාස් කන්නයේ වී අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් තිබියදී දේශපාලනඥයන්ට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

දැනට වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන වී මිලදී ගැනීමට රජය නිසි වැඩ පිළිවෙළක් සකස් කර නොමැති බවත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් ගෙන්වීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගෙන් බහුතරයක් වී මිලදී ගැනීමෙන් ඉවත් වී සිටින බවද එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

මේ නිසා මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් ගොවි ජනතාවගේ අස්වැන්න කිලෝවක් රුපියල් 30 – 32 වැනි මුදලකට මිලදී ගනිමින් සිටින බවද ඔහු පවසා සිටියේය.

ඇති වූ සහල් හිඟය හේතුවෙන් අඩු මුදලට ජනතාවට සහල් ලබාදීම සඳහා ලබා දුන් බදු සහන යටතේ උපරිම වාසි ලබාගන්නා ව්‍යාපාරිකයන් අසීමිතව සහල් ආනයනය කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

රටින් සහල් ගෙන්වුවද වෙළෙඳ පොළේ සහල් මිල අඩු වී නොමැති බවත්, සහල් මිල අඩු නොවුවද වී මිල ශීඝ්‍ර ලෙස අඩු වෙමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

 

 

 

One thought on “වී තිබියදී සහල් ටොන් ලක්ෂ 8කට වැඩිය ආනයනය කරලා

  1. ‘ranjith

    weemol karayo dethun denek karana me aparadaya nisa rate wee goviyoth paribogikayoth asarana thathwayata wetila meka maha aparadayak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>