විජේදාස ගැන රාවණා බලයට ප්‍රශ්නයක්

විජේදාස රාජපක්ෂ මහතාගේ සිංහල බෞද්ධකම ගැන ප්‍රශ්නයක් තිබෙන බවත්,ඒ මහතා සර්ව සම්පූර්ණ බෞද්ධයෙකු ලෙස සැළකිය නොහැකි බවත්  රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ  අද (23දා) පැවසූහ.

මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ප්‍රකාශ කර තිබෙන බවත්,කතිකාවත් පනත් ගෙනවිත් භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමට උත්සාහ කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම කතිකාවත් පනත් සම්මතවූයේ නම් අද වන විට විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමට එකදු භික්ෂූන් වහන්සේ නමක් හෝ ඉතිරි නොවන බවද සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ සිංහල බෞද්ධ මතය ඉදිරියට ගෙන පැමිණෙන දේශපාලඥයන්ගෙන් මෙරට වැසියා ඇතිතරම් බැට කා තිබෙන බවයි.

3 thoughts on “විජේදාස ගැන රාවණා බලයට ප්‍රශ්නයක්

  1. anonymous

    වැල යන අතට මැස්ස ගහමු! නුඹ වහන්සේලාට දේශපාලනය තහනම් කරන තුරු ලංකාව හදන්න බැරිය. සබ්බ දානං ධම්ම දානං ජිනාති!

    Reply
  2. Jude

    අනේ හාමුදුරුවනේ ඔබ  වහන්සේත් සර්ව සම්පූර්ණද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>