වසර අවසානයේදී සැමට විදුලිය

වසර අවසානයේදී රටේ සියලු දෙනාටම විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බවත්,  සිංහල අවුරුද්දට ප්‍රථමව විදුලි මෝටර් රථ සඳහා පළමු විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

බලශක්තියෙන් සපිරි රටක් යන තේමාව යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශයද දායක කරගනිමින්, 2025 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාව සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.

“බලශක්ති සුරක්ෂිතතාවය නැති රටක් සුරක්ෂිත රටක් නෙමෙයි. එහෙම රටකට ස්ථාවර තිරසර දියුණූවක් ලබාගන්න බැහැ.  ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හරිත බලශක්ති වැඩිදියුණු කරන්න. විශේෂයෙන් සුළං සූර්ය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වලින් ලැඛෙන විදුලිය 2020 දී සියයට විස්සකින් වැඩි කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සියළු දෙනාටම මේ වසර අවසන් වනවිට විදුලිය ලබාදෙන්න.

 ප්‍රවාහන ක්ෂේත්‍රය ඉන්ධන මත යැපීම අඩු කරගැනීමටත්,   සිංහල අවුරුද්දට ප්‍රථම විදුලි මෝටර් රථ සඳහාවන පළමු  චාර්ජින් සෙන්ටර් එක ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”  යැයි ඔහු සඳහන් කළේය.

2 thoughts on “වසර අවසානයේදී සැමට විදුලිය

  1. Chandana Bandara

    මෙයාට කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ. මහින්ද 2005 බලයට එනකොට 60% තිබුණු ග්‍රිඩ් විදුලි සැපයුම 99%ක් දක්වා වැඩි කරලයි ගෙදර ගියේ. දැන් බොරුවට පොර ටෝක් දෙනවා. මෝඩ මිනිස්සු රවට්ටන්න සේරම කළේ මම කියලා. මෝඩ මිනිස්සුත් රැවටෙනවා මෙයා පොර කියලා.

    Reply
  2. Shehan

    අදහස් දාලා ඉන්න කෙනා ලංකාවේ ඉන්න කෙනෙක්ද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>