ලක්ෂ 229ක් වංචා කළ ගණකාධිකාරීවරිය අත්අඩංගුවට

ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක් ලෙස කටයුතු කරන කාලසීමාවේදී එහි රුපියල් ලක්ෂ 229ක් වංචා කිරීමට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගත්  බව පොලීසිය පවසයි.

පසුගිය 18 දා සැකකාරිය ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විට කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ආගමන විගමන නිලධාරීන්ගෙන් මිදී ඇය පළාගොස් ඇත.

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට දුරකතන කුළුණු වාර්තා ඔස්සේ විමර්ශනය කර ඇති අතර එයින් ලබාගත් තොරතුරු අනුව ඊයේ (19දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෑගල්ලේදී අත්අඩංගුවට පත්ව ඇත.

ආගමන විගමන නිලධාරීන්ගේ භාරයේ සිටි සැකකාරිය ඉන් පළායාම පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Police-logo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>