ලංකාවේ සංවර්ධනයට ජපානයෙන් ණය නොවන ආධාර

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේදී හැකි සෑම අවස්ථාවකම ණය නොවන අධාර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පවසයි. ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව අද (14දා) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ජපානය ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන සහය අඛණ්ඩව ඉදිරියට ලබාදෙන බවට ද මෙහිදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහතික විය. එහිදී වරාය සංවර්ධනයට ප‍්‍රමුඛත්වයක් ලබාදෙන අතර, දැනටමත් කොළඹ සහ ති‍්‍රකුණාමල වරායේ සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන සහය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

ශ‍්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහය තවදුරටත් ලබාදීමට සූදානම් බව පැවසූ ජපාන අග‍්‍රාමාත්‍යවරයා අධිවේගි මාර්ග පද්ධතියේ ඉදිකිරීම සඳහා ද සහය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය. ජපානයේ විශේ්ෂ වූ කාර්මික වැඩසටහන්වල දායකත්වය ශ‍්‍රී ලංකාවට ලබාදීමට හැකි බව ද ජපාන අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාගැනීම සඳහා සහය වන ලෙස ජනාධිපතිවරයා ජපාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප‍්‍රතිචාරය පළ කෙරණි. ශී‍්‍ර ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා සහය ලබාදීමට ද ජපාන අග‍්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

ආරක්ෂක සහ නාවික කටයුතුවලදී ජපානය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය මෙහිදී සිහිපත් කළ ජපාන අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගර කලාපයේ රටවල් අතරින් ජපාන රජයේ එම සහය හිමිව ඇත්තේ ශී‍්‍ර ලංකාවට පමණක් බව ද කියා සිටියේය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, ශ‍්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේ රාජ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයේ ඇති වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කළේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාෙග් මෙම සංචාරය සමග ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර අතීතයේ පටන් පවතින සමීප මිත‍්‍රත්වයේ තවත් නැවුම් පියවරක් සනිටුහන් වනු ඇති බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් කිරීම පිළිබඳ ජපාන අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා පසුගිය ජී-7 සමු`එවෙන් ශක්තිමත් වූ ජපාන – ශ‍්‍රී ලංකා සබදතාවලට මෙම සංචාරයෙන් අනතුරුව තවත් තිර පදනමක් සැකසෙනු ඇති බව කියා සිටියේය.

නුදුරු දිනකදීම ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ජපාන අග‍්‍රාමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේ ජපාන- ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවා කි‍්‍රයාවට නැංවීම පිළිබඳ නව ගිවිසුමකට ද අත්සන් තැබිණි. ටෝකියෝ නුවර පිහිටි ජපාන අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා  අභිමානවත් අයුරින් පැවැත්වුණේ දෙරටේ බැදීම මැනවින් විදාහ දක්වමිනි.
නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්විය.

main 1 copy 2 copy 3 copy 4 copy 6 copy

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>