රුසියානු නායකායට අපූරු උපන්දින තෑග්ගක්

රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පසුගියදා 65 වැනි වියට එලඹුණා. ක්‍රීඩාශීලී යෞවනයෙකු ලෙස නිරන්තරයෙන් කරළියට පැමිණෙන රුසියානු නායකයා වෙත උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීමට බොහෝ රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය පිරිස් සැදී පැහැදී සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර, රුසියානු නායකයාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට අපූරු ත්‍යාගයක් ලබාදීමට ටර්ක්මෙනිස්තානයේ ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

ගෙවීගිය සති අන්තයේදී රුසියාවට පැමිණ රුසියානු ජනාධිපතිවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවකද නිරත වූ ටර්ක්මෙනිස්තානු ජනාධිපති ගුර්බාන්ගුලි විසින් ගෙනා අපූරු උපන්දින ත්‍යාගය වූයේ සුරතල් සුනඛයෙක්.

සුරතල් සතුන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන පූටීන් මෙම ත්‍යාගයෙන් මහත් සේ සතුටට පත්වූ බව එම අවස්ථාව ආවරණය කළ මාධ්‍ය පවසා සිටියා.

ටර්ක්මෙනිස්තාන ජනාධිපතිවරයා විසින් තමන් ගෙනා වර්නි නමැති සුරතල් සුනඛ පැටියාගේ බෙල්ලට ඉහළින් එක් අතකින් පමණක් අල්ලාගෙන ඌ රුසියානු ජනාධිපතිවරයා වෙත පෙන්වන විට, වහාම ඉදිරියට පැන දෑතින්ම එම සත්වයා තුරුළු කරගත් පූටින්, සුරතල් සුනඛයාට හාදුවකින් පවා සංග්‍රහ කිරීමට කටයුතු කළ බව මාධ්‍ය වාර්තා පවසනවා.

මධ්‍යම ආසියානු ෂෙපර්ඩ් වර්ගයට අයත් පුළුන් කොට්ටයක් බඳු මේ සුනඛ සුරතලා පූටින් වෙත ලැබුණු පළමු වැනි සුරතල් සුනඛ ත්‍යාගයද නොවන බව පැවසෙනවා. මීට පෙරද පූටින් වෙත මෙවැනි සුරතලුන් ත්‍යාග ලෙස ලැබී තිබෙන බව සඳහන් වෙනවා.

1_Putin 2 3 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>