රම්බල් ඉන්ද ජංගල් නේපාල පාපැදිකරු මහවැලි ගඟට බිලි

රම්බල් ඉන්ද ජංගල් පාපැදි සවාරියට සහභාගී වි සිටි විදේශීයෙකු රංදෙනිගල ජලාශයට පහළින් මිනිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟ හරහා වූ සපත්තු පාලමක් හරහා ගමන් කීරිමේදී අද (13දා) දහවල් මහවැලි ගඟේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූ බව හසලක පොලීසිය පවසයි. ‍

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, නේපාල ජාතිකයෙකු වන නාරායන් ගෝපාල් මහර්ජාන් (අවු.33) නැමත්තෙකි.

ශ්‍රී ලංකන් එයාලයින් සමගාගම විසින් සංචාරක ප්‍රවර්ධනය සඳහා වාර්ෂික සංවිධානය කරනු ලබන විදේශික පාපැදි තරග තරගකරුවන් සහභාගී කරගනිමින් පැවැති 'රම්බල් ඉන්ද ජංගල්' පාපැදි සවාරියේදී මෙම අනතුර සිදුවී තිබේ.

නුවරඑළියේ සිට මහියංගණය දක්වා පාපැදි තරග පැවැති අතර, ඊ‍ට ශ්‍රී ලාංකිකයන් තරගරුවන් 4 දෙනෙකු ඇතුළු  තරගකරුවන් 33 දෙනෙක් සහභාගී වී ඇති බවත්, තරගයේ ඉදිරියෙන්ම පැමිණි තරගකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන මරණකරු සපත්තු පාලම මත කම්බියක පැටලීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත් පරීක්‍ෂණවලදී අනාවරණය විය.

අතුරුදන්වූ තරගකරුගේ මළසිරුර සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 400ක් පමණ පහළින් ගල් කුලක සිරවී තිබියදී පොලීසිය මගින් සොයාගෙන තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණ හා මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහියංගණ – රංජිත් කරුණාවිර

One thought on “රම්බල් ඉන්ද ජංගල් නේපාල පාපැදිකරු මහවැලි ගඟට බිලි

  1. Champa

    "Rumble in the Jungle" has become "Pallan from the Bridge." Sri Lankn Airlines should take the responsibility. The accident shows that the organizers were irresponsible in checking the route for possible mishaps.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>