රනිල් අගමැති වූ ආණ්ඩුවකට සම්බන්ධ වෙන්නෙ නෑ – එජනිස

එක්සත් ජාතික  පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ සිටිනතුරු ආණ්ඩුවට සම්බන්ධ නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වේ.site_197_Sinhalese_430467

ඒ අනුව ආණ්ඩුවේ දැරූ තනතුරුවලින් ශ්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර, යහපාලන ආණ්ඩුවේ කටයුතුද ඒ සමගම අවසන් වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක්  පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙන බැවින්ශ්‍රීලනිප ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

එසේ වුවහොත් පාර්ලිමේන්තුව තුළආණ්ඩු පක්ෂය වශයෙන්  එජාපය පමණක්  කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝ වශයෙන් අද (12දා)සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

 

One thought on “රනිල් අගමැති වූ ආණ්ඩුවකට සම්බන්ධ වෙන්නෙ නෑ – එජනිස

  1. sg

    Keep SLFP stand in frimley. No need to join with existing prime minister government. He is the main responsible person for decline of the SLFP.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>