රන්ජන් බස්නාහිරින් මහ ඇමති තරගයට

 

එක්සත් ජාතික පක්ෂයේ බහුතර පිරිසකගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවෙන් ඉවත්වී බස්නාහිර පළාත් මහා ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට අදහස් කරමින් සිටින බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් වශයෙන් උපන් බල ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ගොස් පළාත් සභා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී විශාල ජයක් ලැබූ බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූයේද උපන් බල ප්‍රදේශයෙන් පිටත සිටිමින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේනිසා උපන් පළාත තුළදී සහ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් මහ ඇමති තනතුරුට තරග වැදීමට සුදුසුම පුද්ගලයා තමා බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය. මෙම අදහස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරිපත් කළ බවත්, ඒ අනුව අවස්ථාවක් ලැබුණහොත් බස්නාහිර පළාත එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකිවන බවද රාමනායක මහතා සඳහන් කළේය.

මීට අමතරව පක්ෂයේ බහුතර පිරිසක් තමන්ට උදව් උපකාර කරන බවත්, මේ උදව් උපකාර මත සහ ප්‍රතිපත්ති ගරැක දේශපාලනඥයෙක් වශයෙන් ජනතාවට තමා සමග සිටින නිසා මහ ඇමැති තනතුරු ලබා ගැනීමට හැකි වීම අනිවාර්යය බවද ඒමහතා වැඩිදුරටත් පවසා සිටියේය.   

19 thoughts on “රන්ජන් බස්නාහිරින් මහ ඇමති තරගයට

  1. චම්න්ද ගමගේ

    අනිවා රන්ජන් රාමනායක මහ ඇමති වෙනවා. නියම ජනතා නායකයෙක් ඔහු………..

    Reply
  2. කන්නන්

    හොඳ අදහසත්. ඔහු බස්නාහිර පළාතේ විපක්ෂ නායක වේවි.

    Reply
  3. ferdinand bruno

    must need this kind of changes for UNP. thanks Mr Ranjan hope you can do a good job for all sri lankan!! wish u all the best!!

    Reply
  4. චානක බණ්ඩාර

    අනේ රංජන් මහත්තයෝ. ඔබට ඡන්දය දුන් රත්නපුර ජනතාවට මොකද වෙන්නේ. මුල අමතක කරන්න එපා

    Reply
  5. විමලසේන

    ඊළඟ පාර ඉල්ලන්නේ කොහෙන්ද දන්නේ නෑ නේද?

    Reply
  6. Muhammed Hussain

    nalu niliyanta kohomath deshapaalana anshayen hoda anaagathayak tiyenava.
    නළු, නිළියන්ට දේශපාලනයෙන් හොඳ අනාගතයක් තියෙනවා.

    Reply
  7. පිටිගල

    ඔබ ආවොත් දිනනවා. යන එන මං නැතිව ඉනන බොහෝ දෙනෙක් ඔබට ඡන්දය දේවි.

    Reply
  8. දිනේෂ්

    ලොකු දෙයක් අනේ, රත්නපුර කෑව ඇති. කාඩ්බොඩ් වීරයා……..

    Reply
  9. ගයාන් කුඩාගම

    මෙයා රක්නපුරෙන් මනාප අරගෙන රත්නපුර ජනතාව ගැන බැලුවේ නෑ. රත්නපුර ඉන්න අපි ඒවා දන්නවා. නළු කමට හොඳ වුණාට දේශපාලනයට බොරු කාරයෙක්. මම රන්ජන්ට මනාප දුන්න රත්නපුරේ කෙනෙක් නිසයි මෙහෙම කියන්නේ….

    Reply
  10. දසුන්

    පබාලට, ගයේෂලට, නදීශලට, ගීතලට ඡන්දෙ දෙනවට සමානයි මෙයාට ඡන්දෙ දෙන එකත්.

    Reply
  11. සත්‍ය

    මේ ඇත්තටම එක පක්ෂයකටවත් නැතිව අවංකවම කියන්නේ. රංජන් බලය නතුව දැනට ලංකාවේ අයට ඇත්තටම උදව් කරනවා. එතුමා මම දකින්නේ අනිත් නළු නිළියෝ වගේ නෙමෙයි, එතුමාට අවංකවම අපේ රටට වැඩක් කරන්න ඕන කියලා අදහසක් තියෙනවා.
    really your are ‘one shot’ we respect y, we always with you.good luck

    Reply
  12. සූරයා

    අනිත් නළු නිළියෝ වගේ නෙමෙයි, එතුමාට අවංකවම අපේ රටට වැඩක් කරන්න ඕන කියලා අදහසක් තියෙනවා ඔබ තුමාට ජය නියතයි. ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>