රටේ අනාගතය වෙනුවෙන් ඉවත්ව යන්න – සූමාට කියයි

දකුණු අප්‍රිකාවේ අනාගතය වෙනුවෙන් ජනපති ධුරයෙන් ඉවත්ව යන ලෙස එරට පාලක ජාතික කොංග්‍රසය විසින් ජනපති ජේකොබ් සූමා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙසේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් විසින් සූමාට කඩිනමින් ඉවත්ව යන ලෙස පවසා සිටියත්, ඔහු මීට පෙර පවසා තිබුණේ තමන් ඉදිරි මාස තුනත් – හයත් අතර කාලයේදී ඉවත්ව යෑමට සූදානම් බවකි.

නමුත්, ජනාධිපතිවරයාට කඩිනමින් ඉවත්ව යන ලෙසට පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීමට ඔහු හෙට දිනයේදී නිල වශයෙන් පිළිතුරක් ලබාදෙනු ඇති බව විශ්වාස කෙරෙයි.

2009 වසරේ සිට බලයේ සිටින සූමා දූෂණ චෝදනා රැසකට ලක්ව සිටින අතර, ඔහු මේ වනවිට පක්ෂ නායකත්වයෙන්ද ඉවත් කර තිබේ.

පක්ෂයේ මහ ලේකම්වරයා පවසා තිබුණේ එහි විධායක කමිටුව විසින් සූමා ජනාධිපතිවරයා කඩිනමින් ඉවත්කළ යුතු බවට තීරණය කළ බවයි. 

1_Zuma_45 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>