මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් කැමරන් අනතුරු අඟවයි

ඉරාකය, සිරියාව, සුඩානය, නයිජීරියාව, සෝමාලියාව ඇතුළු රටවල් රාශියක මේවනවිට ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් නුදුරු අනාගතයේ කිසියම් හෝ මොහොතක බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරන බවට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීමක් කළේය.

අගමැතිවරයා එහිදී අවධාරණය කර සිටියේ මැදපෙරදිග ක්‍රියාත්මක වන අයි.එස්.අයි.එස්. , ජිහාඩ් සහ තලේබාන් වැනි අන්තවාදී ත්‍රස්ත කල්ලි එම මුස්ලිම් ප්‍රදේශවලට පමණක් සිමානොවී අනාගතයේදී යුරෝපයේ නොයෙකුත් රටවලටද තර්ජනයක් එල්ලකරන බවත්, ආරක්ෂක බුද්ධි අංශ රහස් වාර්තාවලට අනුව බ්‍රිතාන්‍යය ඔවුන්ගේ අංක එකේ ඉලක්කයක් බවත්ය.

එබැවින් බ්‍රිතාන්‍යයට එම තර්ජනය විශාල වශයෙන් බලපාන බවද ඔහු සඳහන් කළේය. පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවට මෙම හෙළිදරව්ව සිදුකළේ හිටපු ආරක්ෂක රහස් ඔත්තු නිලධාරිනියක මෙන්ම හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරියකද වන නෙවිල් ජෝන්ස් සාමිවරිය බ්‍රිතාන්‍ය රජයට අනතුරු අඟවමින් ලබාදුන් රහස් වාර්තාවකට අනුවය.

මැදපෙරදිග රෝස වසන්තය ලෙසින් පසුගිය වකවානුව තුළ මැදපෙරදිග ආණ්ඩු පෙරළමින් ගෙනගිය ක්‍රියාදාමය පිටුපස අන්තවාදී ජිහාඩ්, තලේබාන්, අයි.එස්.අයි.එස්. වැනි මුස්ලිම් ත්‍රස්ත කල්ලි සිටින බවත්, එතුළින් අන්තවාදී රාජ්‍ය බිහිවීමේ ප්‍රවණතාවක් මෙන්ම එම ප්‍රදේශවල අස්ථාවරභාවයක් ඇතිවෙමින් පවතින බැවින් වහාම එම රටවලට සහාය ලබාදී අන්තවාදී ග්‍රහණයෙන් මුදවාගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට

2 thoughts on “මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් කැමරන් අනතුරු අඟවයි

  1. සෙනෙවි

    උන්ගේ අරක්කු උන්ටම ගහනව .මැදපෙරදිග රෝස වසන්තයට උදව් කලෙත් කැමරන්ලනේ. කොටින්ගෙනුත් බඩු ලැබෙයි ඔහොම යන කොට.

    Reply
  2. sujith

    ඔය අනතුර ශ්‍රී ලංකාවටත් ඉතාමත් ඉක්මනින් ළගාවෙනවා.ඒත් අපේ අපේ අය නොතෙරුනා වගේ ඉන්න එකනේ කරුමේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>