මුල්ලිවයික්කාල් සැමරුම පැවැත්වෙයි – දේශපාලඥයන් නෑ

මීට වසර 09කට පෙර පැවැති යුද්ධයේදී මිය ගිය මහවිරුවන් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි සැමරුම් ස්මාරකය අසලදී අද (18දා) සැමරුමක් පවත්වා තිබේ.

මෙය අද උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

පසුගිය වසරේදී (2017) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවත්වුණද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර, උතුරු මහඇමති ප්‍රධාන වූවේද දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් මෙය සිදු වූ නිසාවෙනි.

මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනා අවසන් යුද්ධයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 03ක නිශ්ශබ්දතාවයක් පවත්වා, මල් පූජා කොට, භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා, මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කළේය.

මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ උතුරු මහඇමතිවරයා විසින් රැස්ව සිටි පිරිස් ඇමතූ අතර, හෙතෙම මිය ගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.

 

DSC_0059 DSC_0066 DSC_0073 DSC_0089 DSC_0120 DSC_0147 DSC_0164 DSC_0179 DSC_0196 DSC_0255

One thought on “මුල්ලිවයික්කාල් සැමරුම පැවැත්වෙයි – දේශපාලඥයන් නෑ

  1. Champa

    They are commemorating terrorists. This should NOT have been allowed. —–Terrorists have no ethnicity, religion, parents or children. When they decided to join LTTE, they have abandon all of them. They brutally killed other people's parents and children without any mercy. LTTE's blood thirsty savages bombed innocent civilians including pregnant mothers, babies and school children without having any regard for other people's lives. —— Moreover, some British MPs who promote LTTE have issued a statement attaching martyr to this day as "Tamil Genocide Remembrance Day." This statement should be vehemently denounced by our Foreign Ministry demanding them to withdraw it immediately. —- This is going too far. —- All in this government should be severely punished one day for this treachery.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>