මැතිවරණයකින් පසු දේශපාලන වෙනස්වීම් සාමාන්‍යයි

රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා හා අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් අද (16දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී ජනපතිවරයා මෙම උපදෙස් දී ඇත.

මැතිවරණයකින් අනතුරුව දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්ත්වයන් නොසළකා ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළ රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව නිසි ඉලක්කයන් වෙත සාර්ථකව මෙහෙයවීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බවද ජනාධිපති මෙහිදී පවසා ඇත.

එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මකවන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට තමන් ඉදිරියේදී සෑම අමාත්‍යාංශයක් වෙතම පැමිණීමට අපේක්ෂා කරන බව ඔහු පවසා ඇත.

ඉදිරි නියං තත්ත්වයට මුහුණදෙමින් කාලගුණික සහ දේශගුණික වෙනස්කම් සමග කෘෂි ක්ෂේත‍්‍රයේ සහ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ තුළ සිදුකළයුතු වෙනස්කම් පිළිබඳ මෙරට විශ්වවිද්‍යාලවල සිටින භූ විද්‍යාඥයින්, තාරකා විද්‍යාඥයින් ඇතුළු අදාළ ප‍්‍රවීනයින් සමග සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති සඳහන් කළේය.

පොල් මිල සම්බන්ධව පවතින ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පොල් ඉඩම් කැබලි කිරීම සහ ඉඩම් කැබලි කිරීමේ පනතට අදාළ නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව කි‍්‍රයාකාරීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

z_p02-Solving

3 thoughts on “මැතිවරණයකින් පසු දේශපාලන වෙනස්වීම් සාමාන්‍යයි

  1. අප්පුහාමි

    මෙතුමා එනවට බයේ දැන් නම් වැඩටික හරියට කෙරෙයි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>