මසක් තුළ කල්ලඩියේ හස්තීන් දෙදෙනෙකු මරණයට

මසක් ඇතුලත පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දෙවන ඇත් මරණය ( 14 )  දින අළුයම වාර්ථා විය. 

මිට පෙර කල්අඩිය සෙල්ලන්කන්දල් රක්ෂීතය තුළ තනි දළයා නමින් ප්‍රසිද්ධව සිටි ඇතා දෙසැම්බර් 9 දින මරණයට පත්ව සිටි අතර ඉන් පසු 14 දින සිදුවු ඇත් මරණයත් සමග ඇත් මරණ දෙකක් වන අතර එයට අමතරව නොවැම්බර් 29 දින තබ්බෝව ජලාශය තුළදි ද ඇතේකු වෙඩි තබා මරා දමා තිබුනි.

14 දින අළුයම කල්අඩිය ප්‍රදේශයේ එච් .ඒ .සාන්ත පෙරේරා මහතාගේ ඉඩම තුලදි ඇතා මරණයට පත්ව තිබුනේ වෙඩි තැබිමකින්  නොවන බවත් බොහෝ විට විදුලි සැර වැද්දවිමකින් මෙය සිදුව ඇති බවට වන ජිවි නිළධාරින් සැක කරයි.

ඇතා මරණයට පත්ව ඇත්තේ කුමන හේතුවකින් දැයි සොයා ගැනිමට හැකියාව ඇත්තේ වන ජීවි පශු වෛද්‍ය වරයාගේ පශ්චාත් මරණ පරික්ෂනයෙන් අනතුරුව බව වන ජීවි නිළධාරින් පවසයි.

 සිද්දිය පිළිබදව ඉඩමේ හිමිකරු වන එච්.ඒ . සාන්ත මහතා පවසා සිටියේ  තම ඉඩම වටා කලින් විදුලි සැර යොදා තිබුන ද එය මාසයක සිට අක්‍රියව තිබු බවයි . නමුත් තම ඉඩමේ ඇතේකු මරණයට පත්ව සිටින බවට අසල්වාසින් දැනුම් දිමේන් පසුව දැන ගත් බව ඔහු පවසයි. 

ජනතාව පවසන්නේ වසර පහක් ඇතුලත පමනක් කල්අඩිය ප්‍රදේශයේ මිනිස් ජීවිත හයක් වල් අලින් මරා දමා ඇති බවත් අලි පහර දිමේන් 20 කට ආසන්න ප්‍රමානයක් බරපතල තුවාල ලබා ඇති බවත් 12 දෙනෙකු දැඩි ආබාධිත වි තවමත් නිවෙස් තුල රුදි සිටින බව කියයි .මේ අතර තුර මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අලි ඇතුන් 20 කට ආසන්න ප්‍රමානයක් මෙම කලාපයේ මරණයට පත්ව ඇති බවද කියයි .

DSC03438

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>