මරිජුවානා කිලෝ 540ක් මීයෝ කාලා කියන්නෙ?

ආර්ජන්ටිනාවේ පොලීසියක් තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් මීයන් රැගෙන ගොස් ඇතැයි යන චෝදනාව යටතේ පොලිස් නිලධාරීන් අට දෙනෙකු සේවයෙන් පහ කර තිබේ.

බුඑනෝස් එයාර්ස් සිට වයඹට වන්නට පිහිටි පිලාර් නගරයේ පොලිස් ගබඩා පරිශ්‍රයක තිබූ මරිජුවානා වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 540ක් මේ ආකාරයෙන් මීයන් විසින් කා ඇති බව මෙම පොලිස් නිලධාරීන් විසින් අධිකරණය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම මත්ද්‍රව්‍ය තොගය ආහාරයක් ලෙස මීයන් දිටුවේ නම්, ඒවා ආහාරයට ගත් එම මීයන් වහා මරණයට පත්විය යුතු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, මේ පිළිබඳ සත්ව විශේෂඥයන්ගේද සහාය ඇතිව පරීක්ෂණ මෙහෙයවීමේදි මත්ද්‍රව්‍ය ආහාරයක් ලෙස වැරදී මීයන් කිසිසේත්ම ආහාරයට නොගන්නා බව අනාවරණය වී තිබේ.

යම් ලෙසකින් ඔවුන් මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ආහාරයට ගත්තේ නම් මීයන්ගේ මලකුණු රැසක් එම ගබඩා සංකීර්ණය තුළ තිබී හමුවිය යුතු බවත් විශේෂඥ මතය වී ඇත.

ඒ අනුව, මෙම මත්ද්‍රව්‍ය තොගය අතුරුදන්වීම හිතාමතා හෝ නොසැලකිල්ල නිසා සිදුව ඇති බවට අධිකරණය නිගමනය කරනු ඇති බව සඳහන් වේ.

මෙම නඩුව ලබන මැයි 04 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

1_Mice 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>