මරණ බිය යළිත් උදාවී තිබෙනවා – මහින්ද

"අප මේ රටේ දු පුතුන්ගේ සිත්වලින් පළවා හැරිය මරණ බිය යළිත් දරු පරපුර වෙත වෙනත් ආකාරයකට  උදාවී තිබීම ගැන මා මහත් ලෙස කම්පාවට පත්වී සිටිමි" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙටට (01දාට) යෙදෙන ලෝක මෙ හා වැඩිහිට දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

"සේයා සදෙව්මි දුවගේ හා සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන ඇතුළු පසුගිය දිනවල  සිදුවූ දු දරු ඝාතන මා තුල  ඇති කරන්නේ මහත් සංවේගයකි. මේ රටේ  ජීවත් වන සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන්  කොටසක් දෙමවුපියන් පමණක් නොව  පාලකයන්ද භාරගත යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ප‍්‍රමුඛතාවය දෙන ලෙස බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු" යනුවෙන්ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

7 thoughts on “මරණ බිය යළිත් උදාවී තිබෙනවා – මහින්ද

  1. Chandana

    රගර් ක්‍රීඩකයාගේ ඝාතනය එළිවෙනකොට කාටකාටත් මරණ බිය දැනේවි. 

    Reply
  2. sara

    ඇයි මහින්ද ඔයාගේ කාලේ තිබුණ තුන්බියම. ආයෙත් වටින් ගොඩින් කැරකෙන්නේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න නේද? 

    Reply
  3. ජේමිස් බන්ඩා

    මෙයා මැරිල ඉපදිලා වාගේ. අනේ කාලේ වනේ වාසේ !!!!!

    Reply
  4. priyantha

    අර කොටකෙතන, තංගල්ලේ ඝාතන වෙනකොට මෙයාට නින්ද ගිහින්ද හිටියේ? 

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>