පොහොට්ටුවේ දෙදෙනෙක් ජනපතිට එක්වෙති

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ  අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්වූහ.

අද (20) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ මොවුන් වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ යහපත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය මහතා ද මෙම  අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරගම නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළත් මැතිවරණ ප්‍රකාශය ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වීය.

01 (14)

 

 

2 thoughts on “පොහොට්ටුවේ දෙදෙනෙක් ජනපතිට එක්වෙති

  1. සෙනෙවි

    මහරගමට පොහොට්ටුවෙන් ඉදිරිපත්වූ ලැයිස්තුව ප්‍රතික්ෂේප උන නිසා වෙන්න ඇති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>