පොලිස්පතිවරයා ව්‍යවස්ථාදායක සභාවට කැඳවා ප්‍රශ්න කළ යුතුයි

ව්‍යවස්ථාදායකය තුළ ඡන්ද විමසීමකින් පොලිස්පතිවරයා පත්කර තිබීම නිසා අපරාධ රැල්ල මැඩපැවැත්වීමට පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බව ඒකාබද්ධ  විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැතිවරයා, කථානායකවරයා නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාව විසින් යම් පත්කිරීමක් සිදුකළ පසුව එම නිලධාරියාගෙන් නිසිලෙස රාජකාරිය ඉටුනොවේ නම් ව්‍යවස්ථාදායක සභාවට ඔහු ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවත්, මේ දක්වා පොලිස්පතිවරයා එසේ කැඳවා නැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

රටපුරා සිදුවන මිනිස්  ඝාතන හා අපරාධ ක්‍රියා පාලනය නොකිරීමේ වගකීම රජය බාරගතයුතු බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

dinesh-gunawardene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>