පුරොක්ථනවලට වඩා චීන ආර්ථික වර්ධනය වේගවත්

චීන ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින් වසරේ පළමු වැනි කාර්තුව තුළ පෙර වසරට සාපේක්ෂව 6.8%ක වර්ධන වේගයක් පෙන්වා තිබේ.

බිජිං පාලනය පුරෝකථනය කළ වාර්ෂික වර්ධන වේගය වූ 6.5%ද ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පසුකරලීම සුවිශේෂී තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශක්තිමත් පාරිභෝගික ඉල්ලුමකින් පෝෂණය ලබන චීන ආර්ථිකය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස දක්වන සුවිශේෂී නම්‍යශීලීත්වය මෙම නිල දත්තවලින් පෙන්නුම් කරන බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, චීන ආර්ථිකයේ දක්නට ලැබෙන ඉහළ යන ණය සීමාවන් මෙන්ම, නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින බුබුල මෙම වර්ධනීය ආර්ථිකයට හානියක් නොවන ආකාරයෙන් සමනය කරගැනීම සඳහා චීන රජය දැඩිව කටයුතු කරමින් සිටින බවද කියැවෙයි.

චීනයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන ඇමෙරිකාව සමග ඇතිවී තිබෙන වෙළෙඳ අර්බුදය හමුවේ චීන අපනයන වෙත යම් බලපෑමක් එල්ල වන අවස්ථාවේදී පවා මෙම වර්ධනීය තත්ත්වය චීන ආර්ථිකය සිය ශක්තිය කියාපාන අවස්ථාවක් බවද විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

1_XiJinping-China-102417-lt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>