දිස්ත්‍රික්ක 12කට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 4,886කට අයත් පුද්ගලයන් 18,781ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පුද්ගල මරණ 07ක් සිදුවී පුද්ගලයන් 2 දෙනෙකු තුවාල ලබා 05 දෙනෙකු අතුරුදන්ව සිටින බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
නිවාස 3,450කට හානි සිදුව තිබෙන අතර, පවුල් 179ක පුද්ගලයන් 1036 දෙනෙක් ආරක්ෂිත කඳවුරු 09ක රඳවා සිටිති.