පැරදුණ අපේක්ෂකයන්ට මන්ත්‍රීධුර දීමට එරෙහිව පොහොට්ටුව අධිකරණයට

පැරදුණු අපේක්‍ෂකයන්ට මන්ත්‍රී ධුර ලබාදීම වළක්වමින් මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සියලු කොට්ඨාස ජයගත් සභාවල ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා නොදී පැරදුණු පක්‍ෂවල අපේක්‍ෂකයන්ට එම අවස්ථාව ලබාදී තිබීම සම්බන්ධ අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පැරදුණු අපේක්‍ෂයන්ට මන්ත්‍රී ධුර ලබාදීමේ පූර්වාදර්ශය දිගින් දිගටම පවත්වාගෙන යෑමේ සූදානමක් තිබෙන බවත්, ඉන් ජනතා පරමාධිපත්‍යයට හානියක් සිදුවන බැවින් නීති මාර්ගයෙන් එය වැළැක්වීම සඳහා උත්සාහ ගන්නා බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

1516692744-Sri-Lanka-Podujana-Peramuna-5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>