පළාත් සභා තුනක ඡන්ද මාර්තු 31ට පෙර ඕන

උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර  යන පළාත් සභාවල මැතිවරණ මාර්තු 31 වන විට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා අද (14දා) පැවසීය.

ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට යටත් කර තිබෙන  මෙම පළාත් සභා තුනෙන් මහජන සේවයක් සිදු නොවන බවත්, මාර්තු 31 වන විට මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධව ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්  දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ සැප්තැම්බර් වන විට උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට නියමිත බවත්, ඉන් පසුව එම පළාත් සභාව ආණ්ඩුකාරවරයාගේ පාලනයට යටත් කරන්නේදැයි ආණ්ඩුව පැවසිය යුතු බවත්ය.

ජාත්‍යන්තරයෙන් හා දෙමළ ඩයස්පෝරාවෙන් එල්ලවන බලපෑම් හමුවේ උතුරු පළාත් සභාව ආණ්ඩුකාරවරයෙකුගේ පාලනයට යටත් කිරීමට තරම් ශක්තියක් වත්මන් ආණ්ඩුවට නැති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

949845716Dinesh-Gunawardena_5

One thought on “පළාත් සභා තුනක ඡන්ද මාර්තු 31ට පෙර ඕන

  1. Champa

    Provincial Councils should be abolished. They were established under Indo-Sri Lanka Accord to devolve power to provinces as a condition for LTTE to surrender their arms. But they refused and continued their carnage. In 2009, with LTTE's defeat, the reason to establish Provincial Councils became invalid. MR got a good opportunity to abolish them but he didn't. Today, Provincial Councils stand as white elephants.They are a burden to the general public. They are the last straw for separatism. Therefore, they should be abolished as the government is fully capable of running its business without any hindrance in every part of the country.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>