පළාත් පාලන ආයතන 167ක බලය පිහිටුවන්නට අප උවමනායි – මහින්ද අමරවීර

නිමා වූ පළාත් පාලන මැතිවරණයට අදාළව පළාත් පාලන ආයතනවලින් 167කට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය අවශ්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ වුවත් එක් පක්‍ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට නිශ්චිත උපදෙස් හා මගපෙන්වීමක් කරනු ලබන බවත් ඔහු පවසයි.

එලෙස පාලන බලය පිහිටුවීම සඳහා කිසිදු පාර්ශ්වයක් සමග එකඟතාවකට පත්ව නොමැති බවත් මහලේකම්වරයා අද (13දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

z_p02-Best

 

4 thoughts on “පළාත් පාලන ආයතන 167ක බලය පිහිටුවන්නට අප උවමනායි – මහින්ද අමරවීර

  1. සෙනෙවි

    මෙයාගෙ ආසනෙත් පොහොට්ටුවට ගියා .ලබන මහ මැතිවරණයෙදි බඩු ෂුවර්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>