නොරෝච්චෝලේ විසඳුම් දෙනවා වෙනුවට රජය මාෆියාකරුවන් එක්ක ගනුදෙනු කරනවා

නොරොච්චෝලේ විදුලි ජනන  ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අළු කන්දකට යට වී ඇති බවත් ඒ සඳහා විසඳුම් දෙනවා වෙනුවට රජය මාෆියාකරුවන් සමග ගනුදෙනු කරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

නොරොච්චෝලේ ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

“අද වන විට LMG සහ ගල්අගුරු මාෆියාව ලෙස දෙපිරිසක් බෙදී සටන් කරන බව රහසක් නොවේ.  පසුගිය කාලයේ ගල්අගුරු ටෙන්ඩර්, පෞද්ගලික විදුලි මිලදී ගැනීම් වැනි මාතෘකා කරළියට පැමිණියේත් දිගු කාලීන විදුලි සැලසුම් බාලගිරි දෝෂයට ලක් වුණෙත් මෙම ගැටුම නිසා බව කිව යුතුයි. මේ වන විටත් විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කරමින් විදුලි ජනන සැලැස්ම ඉල්ලා සිටින අතර එය ලබා දීමට බලධාරීන්ට කොන්දක් නොමැති වීම ගැටලු සහගතයි. මාෆියා සමග නොව මෙවැනි අවස්ථාවක අප ගනුදෙනු කළ යුතුව ඇත්තේ පීඩාවට පත් ජනතාව සමගයි.

ගල්අගුරු දහනයෙන් ඉතිරි වන අළු, කන්දක් ලෙස ගොඩගසා ඇති අයුරු අන්ධයෙකු නොවන ඕනෑම පුද්ගලයෙකුට දැකගත හැකියි. අළු කන්දෙන් වන පීඩාව අවම කිරීමට තාප්ප බඳින බවත් විවිධ විසඳුම් ලබා දෙන බවත් පසුගිය කාලයේ පොරොන්දු වුණා. එහෙත් විදුලිබල මණ්ඩලයේ බලයට වඩා සල්ලි හුරාකන ව්‍යාපාරිකයන් පිරිසකගේ ප්‍රබලත්වය නිසා ඒ කිසිවක් සාර්ථක වී නැහැ“ යැයි පැවසීය.

 

niroshan-perera-min

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>