දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 8ක් අතුරුදන්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.
මේ අතර අනතුරට පත්ව දැනට මුහුදේ සිටින ධීවර යාත්‍රා කිහිපයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ හා වෙරලාරක්ෂක බලකායේ සහාය ලබා ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වලට උපදෙස් දී ඇත.
2017.11.30 දින පස්වරු 02 වනවිට වාර්තා වී ඇති තත්ත්වය
01 – ගාල්ල දොඩන්දුව – මියගිය ධීවරයින් ගණන 02යි. අතුරුදන් ධීවරයින් ගණන- 03යි. විනාශ වු ධීවර වල්ලම් ගණන- 06යි.
02 ගාල්ල ධීවර වරාය- ධීවර වරායේ නැංගුරම් ලා තිබු බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අලාභහානි සිදු වී තිබේ.
04 ගාල්ල ධීවර යාත්‍රා 02ක් හා එහි සිටි පුද්ගලයින් 04ක් අතුරුදන් වී තිබේ.
05- දෙවිනුවර ප්‍රදේශයට අයත් බහුදින යාත්‍රාවක් කහදමෝදර ප්‍රදේශයේ දී අලාභහානි වි වෙරළට ගොඩ ගසා ඇත. එක් ධීවර කාර්මිකයෙක් අතුරුදන්ව සිටී.
06 මීගමුව මරියගොරෙට්ටි නැමැති බහුදින ධීවර යාත්‍රාව මුහුදේ පෙරළි ගොස් ඇති අතර අනතුරට පත් කාර්ය මණ්ඩලය වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇත.