ද. අප්‍රිකා නව ජනපති රාමෆෝසා නව යුගයක් ගැන කියයි

දකුණු අප්‍රිකාවේ නව ජනපතිවරයා ලෙස පත්වූ සිරිල් රාමෆෝසා රට තුළ නව බලාපොරොත්තු දැල්විය හැකි යුගයක් පිළිබඳව අදහස් දක්වා තිබේ.

නව ජනාධිපතිවරයා මෙලෙස අදහස් දක්වා ඇත්තේ අභිනව ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට ජාතිය අමතන අවස්ථාවේදීය.

මේ වනවිට ඇණහිට ඇති ඉඩම් බෙදාදීමේ කටයුතු යළි සක්‍රීය කිරීමටත් ආර්ථික ක්‍රියාකාරීත්වය නංවමින් රැකියා උත්පාදනය කළ හැකි පරිසරයක් ඇති කිරීම පිළිබඳවත් ඔහු සිය කතාවේදී අදහස් දක්වා තිබේ.

රාමෆෝසාට පෙර බලයේ සිටි ජාකොබ් සූමා පසුගිය බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහු නියෝජනය කරන පාලක පක්ෂයෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙනි.

සිය පාලන සමයේ සිදුවූයේ යැයි කියන ප්‍රබල දූෂණ චෝදනා නිසා සූමාට සිය ධුරය අහිමි විය.

1_Ramaposa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>