දෘශ්‍යාබාධිත අශෝකට ප්‍රතිකාර කටයුතු සඳහා ආධාර කරමු

මේ වන විට දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ  අයත් පල්ලෙබැද්ද පුස්සතොට පදිංචි ඩබ්.අශෝක තිලකරත්න තරුණයා තම ප්‍රතිකාර කටයුතු සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. ඉපදී වසර කිහිපයකට පසුව ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්ව ඇත. මෙසේ වුවද  සිය වයෝවෘද්ධ පියා සහ ආබාධිත සොයුරියද රැක බලා ගැනීමට සිදුවී ඇත්තේ අශෝකටයි.

තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්නූ අශෝක තිලකරත්න මහතා මෙසේ පවසා සිටියේය.

 “මට මාසෙකට ප්‍රතිකාර ගන්නත් ලොකු මුදලක් වැය වෙනවා. මගේ පවුලේ අය ජීවත් කරන්න තියෙන්නෙත් මටමයි. මට කිසිම ආදායම් මාර්ගයක් නැහැ . මගේ ආබාධිත තත්ත්වය සලකා බලා අපි වෙනුවෙන් යම් කිසි උපකාරයක් කිරීමට හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයක්.

අශෝක වෙනුවෙන් උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නෙකුට ඒ සඳහා වන ආධාර ගොඩකවෙල මහජන බැංකුවේ බ්.අශෝක තිලකරත්න මහාතා නමින් 245200120056034 ගිණුම් අංකය යටතේ විවෘත කොට ඇති ගිණුමට බැර කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 071- 9966935 දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.

27336871_1104189116382213_3819230291815105557_n copy

බලන්ගොඩ අරුණ දිසානායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>