දූෂණ පිටු දකින ජාතික වැඩසටහන අරඹයි

දූෂණය, අල්ලස, වංචාව, අක‍්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් අරඹන බවට ජනාධිපතිලබාදුන් පොරොන්දුව අනුව ඒ සඳහා සියලු ජනතාවගේ අදහස්, යෝජනා සහ කි‍්‍රයාකාරි සහභාගිත්වය ලබාගැනීම ආරම්භ කර ඇත.

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (13දා) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

සෞභග්‍යමත් නව යුගයක් කරා රට ගෙන යන බලවේගයක් ලෙස දූෂණය, අල්ලස, වංචාව සහ අක‍්‍රමිකතාවයට එරෙහිව පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධතිය බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධති සහ නීති පසිඳලීමේ ආයතන විධිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස සහ අක‍්‍රමිකතා දුරලා රට සුවපත් කරන ජනපවුරේ එක් ස්ථම්භයක් ලෙස මෙම ජාතික වැඩසටහනට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කෙරෙන අතර, මේ පිළිබඳ තම අදහස් හා යෝජනා 2018 මාර්තු 01 වන දිනට ප‍්‍රථම ,නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය කොළඹ 01, ලිපිනයට හෝ 011-2431502 ෆැක්ස් අංකය ඔස්සේ හෝ zerocorruption@presidentsoffice.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමුකරන මෙන් ඉල්ලා සිටී.

03 copy

8 thoughts on “දූෂණ පිටු දකින ජාතික වැඩසටහන අරඹයි

  1. කපිල

    2015 ජනවාරි 08 සිට මේ වඩේ කලානම් මෙවන් ඉරණමක් අත්වන්නේ නෑ. ඇහැරෙන්න නම් කොනිත්තන්නම වෙනවා. අයෙත් නින්ද යයිද දන්නෑ

    Reply
  2. Sanath

    We are still struggling to make a start. If there is a true will, it could be done right away by taking action against all the corrupt wrong doers without wavering.

    Reply
  3. Champa

    I wish you all the best. Election corruption should also be addressed among other things. C/EC is the biggest crook. He should be removed before the next election and this suspicious blackout business exactly before the final result is announced should be stopped. If a blackout like this has happened in any other country this fellow should have been in jail for possible election result manipulation. There should be concrete measures to protect government officials. Auditor General is attacked by Vayima and his cohorts for telling the truth. Look at that. All political crooks should be eliminated at the next election.

    Reply
  4. sg

    Great, realised the nature of existing government and SLFP. Build up the join hand with real patriot people. In this election that SLFP votes has been emphasise there are big voice has been raised against corrupt politicians and their actions. You must be the real person to begin clear political movement through SLFP.may be temporarily declined but it can be grown up rapidly with practical and policy base solution for the corruption and robeering of the politicians. Try to give practical solution for the people aspiration. Also. please keep away UNP from the SLFP.

    Reply
  5. සෙනෙවි

    තම දේශපාලන විරුද්ධවාදීන්ගේ පමණක් දූෂණ පිටුදැකීම දේශපාලන දඩයමක් වන අතර එයද දූෂණ කුලකයේ උප කුලකයක් බව කිව යුතුය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>