තර්ජනය කළත් මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න අවස්ථාව දෙනවා

කොපමණ තර්ජනය කළද පාර්ලිමේන්තුව තුළ සෑම මන්ත්‍රීවරයෙකුටම අදහස් දැක්වීමට තමා අවස්ථාව ලබාදෙන බව කථානායක කරු ජයසූරිය මහතා අද (31දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරුන් අදහස් දක්වනවිට ඒ සඳහා කිසිම අයෙකුට විරුද්ධ විය නොහැකි බවත්, එම අදහස් අසා සිටීමට නොහැකි නම් ඉවතට යා හැකි බවත් කථානායකවරයා කීවේය.

ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයේ දෙවැනි දිනය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එහිදී විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා විසිනි.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජයම්පති මන්ත්‍රීවරයා අදහස්දැක්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල,  ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් බාධාකරන්නට වූ අතර, කථානායකවරයා එහිදී මේබව පැවසීය.

“සභාවේ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙනවා. ජයම්පති මන්ත්‍රීතුමාට එතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන්න. කතාකිරීමේ අයිතිය ලබාදීම මගේ යුතුකමක්. සැම මන්ත්‍රීවරයෙකුටම අවස්ථා ලබාදී තිබෙනවා. බාධාකරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළෙ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වීම.අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න*යනුවෙන්ද කථානායකවරයා කියා සිටියේය.

264e779313ec3104f909baa591578167_XL copy copy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>