ටොංගා පාර්ලිමේන්තුව සුළි කුණාටුවකට ගසාගෙන ගිහින්

දශක 06කට පසුව පැසිෆික් කලාපයේ ටොංගා රාජ්‍ය වෙත බලපෑ ප්‍රබල සුළි කුණාටුවකින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස රටට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බොහෝ පළාත්වල විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් වර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය ඇණහිට තිබුණි. එමෙන්ම, නිවාස රැසක වහළ සුළඟේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමට පෙර ටොංගා රජය විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් දහස් ගණන් ජනතාවට රාත්‍රිය ගත කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

වසර 100කට වඩා පැරණි ටොංගා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙසේ විනාශ වීම හේතුවෙන්, එය පිළිසකර කරන තුරු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා ස්ථානයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව කියැවේ.

දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත.

1_Tonga

3 thoughts on “ටොංගා පාර්ලිමේන්තුව සුළි කුණාටුවකට ගසාගෙන ගිහින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>