රටට සිදු වූ වරද නිවැරදි කරනවා – මහින්ද

එක්සත් ජාතික පක්ෂ රජය මස 60ක් තුල සන්ධාන රජය ක්‍රියාත්මක කල සංවර්ධන ව්‍යාපෘති පනස් අට දහසක්  නවතා දමා ලක්ෂ 15 රැකියා   අහිමි කල බවත්, ලබන 18  දා ලබන ජනතා ජයග්‍රහණයයෙන්  සතියක් තුල සියලු සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹා රටට සිදුවූ වරද නිවැරදි කිරීමට තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කැපවී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා පැවැසීය.

මොනරාගල පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ඊයේ (30දා) පැවැසීය.

පැවති රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ වැරදි පෙන්වමි ජනතාව මුලා කල   එජාපය  තම රජය හමුවේ පැනඩෝල් පෙත්තක මිල අඩු කිරීමට සමත්ව නැති බවත් මෙහිදී පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා, ජනතාවට උණ ගැනෙන්නට පහරදී කොත්තමල්ලි මිල අඩු කල ද මේ වනවිට එහි මිලද ඉහල ගොස්  ඇති බැවින්  එජාපයේ ප්‍රතිපත්තිය  එයින්ම පැහැදිලි වන බව ද පෙන්වා දුන්නේය. 

One thought on “රටට සිදු වූ වරද නිවැරදි කරනවා – මහින්ද

  1. shani

    නිකම්ම බොරු බේගල් කියන්නේ නැතිව වහාම රෝහලට යන්න. දන් ඉතින් අහින්සක ජනතාව මැරුවා ඇති විමල් එක්ක එහා ලෝකයට යන එකයි තියෙන්නේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>