ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය සය මසකින් කල්යයි

දෙසැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මාස හයකින් කල් දමන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානීන් ඊයේ (27) ස්විට්සර්ලන්තයේ ලූසාන්හි පැවැති සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම්දී ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් නිකුත්කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා පවසා සිටියේ,

'ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල්දමන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා. දැනට බලපැවැත්වෙන ක්‍රීඩා පනතේ තිබෙන රෙගුලාසි, රෙගුලාසිවල තිබෙන දුර්වලතා හා ගැටලු හඳුනාගැනීමට දෙපාර්ශ්වයේම පොදු එකඟතාවයෙන් කමිටුවක් පත්කර, එම කමිටුවෙන් එළඹෙන තීරණවලට කල්ගැනීම සඳහා ඔලිම්පික් නිලවරණය හය මසකින් කල්දැමීමට තීරණය කළා. ඒ අනුව පොදු කමිටුව මගින් ගනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා නව නිලවරණයක් කැඳවන තෙක් මෙය කල්දමා තිබෙනවා.' යනුවෙනි. මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවී ඇති අතර, ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු සහභාගී වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>