ජයග්‍රහණයේ රහස උපුල් හෙළි කරයි

සිම්බාබ්වේ සංචාරයේදී ටෙස්ට් තරගාවලිය ජයගැනීමත් සමග ක්‍රීඩකයන් තුළ යහපත් මානසිකත්වයක් ගොඩනැගුණු බවත්, එම ආරම්භය තුන්කොන් එක්දින තරගාවලිය ජයගැනීමට ඉවහල් වූ බවත් සිම්බාබ්වේ සංචාරයේදී තුන්කොන් එක්දින තරගාවලියට නායකත්වය ලබාදුන් උපුල් තරංග පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (29දා) රාත්‍රි‘යේ ජයග්‍රාහී එම කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබු විශේෂ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර, ඊට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද එක්ව සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා නිත්‍ය උපනායක දිනේෂ් චන්දිමාල් එක්ව සිටි අතර, කණ්ඩායමේ පසුගිය කාලයේ පැවැති ආබාධ මේ වනවිට සුව තත්ත්වයට පත්ව ඇති බවත්, ධම්මික ප්‍රසාද් පමණක් සුවය ලබමින් සිටින බවත් ඇන්ජෙලෝ පවසා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී එක්දින හා ටෙස්ට් තරග සඳහා තුන්කොන් තරගාවලියේ නායකත්වය දැරූ උපුල් තරංගව කණ්ඩායමට එක් කරගැනීම පිළිබඳව තීරණය ගන්නේ තේරීම් කමිටුව බවත්, ඔවුන් උපුල් තරංග පිළිබඳවත් සිතා බලනු ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා නිත්‍ය නායකයා ප්‍රකාශ කළේය.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_3589 AID_3604 AID_3647

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>