ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි එකම දිනයකදී ඉක්මනින් පවත්වන්න – චමල්

තමන්ට අගමැති තනතුර ලබාදෙන බවට කිසිවෙක් ප්‍රකාශ කර නොමැති බවත්, එය බාර නොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

අද (13දා) දහවල් තිස්සමහාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම ජනතාව විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා තෝරාගත යුතු බවත්, ඉක්මනින් එකම දිනයකදී ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවත් ඔහු පැවැසීය.

''ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත වෙන බවට   ජනතාව අතර විවිධ මත, නොයෙක් කටකතා ප්‍රචාරය කරන්න පුළුවන්. නමුත් ජනතාව ඡන්දය ලබාදීලා තියෙන්නෙ අලුත් පක්ෂයකට. මාස කිහිපයයි වෙන්නෙ. අලුත් ලකුණක්. ඒ අය විශ්වාස කරන්නෙ නෑ කවදාවක්වත් ආණ්ඩුව සමග එකතු විය යුතුයි කියලා. එහෙම එකතු වුණොත් මේ විශ්වාසය බිඳිලා යනවා.

මට කිසිම කෙනෙක් මේ වෙනකොට අගමැතිකමක් දෙනවා කියලා නෑ. මෙහෙම අගමැතිකම් බාර ගැනීමෙන්  වැඩක් නෑ. ජනතාව විසින් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තෝරාගත යුතුයි, ජනතාවගේ කැමැත්තෙන්. ඒ සඳහා අපි මේ ඡන්ද ප්‍රතිඵලත් සමග ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්නෙ නැතුව මේවා විසුරුවලා මැතිවරණ දෙකම එක දවසෙ පවත්වන එක තමයි තියෙන්නෙ. එතකොට ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්” යැයි හිටපු කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

3

 

One thought on “ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි එකම දිනයකදී ඉක්මනින් පවත්වන්න – චමල්

  1. Champa

    Oh, c'mon read the 19th Amendment which you all supported against people's will. There is no provision to dissolve the Parliament until it completes 4 1/2 years. The only way is to pass a Bill with 2/3 majority and request the President to dissolve the Parliament. Why don't you all work for that, without talking rubbish to hoodwink people. People already know that this government cannot be dissolved until 2020. There is no point of concealing the truth.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>