ජනපති හා එජාප මැති ඇමති සාකච්ඡා අරඹයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනපති නිල නිවසේදි පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් තවදුරටත් කටයුතු කළ යුතු බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමටත් එකඟතාවයකට පැමිණ තිබේ.

එම තිරණය එක්සත් ජාතික පක්ෂය විසින් ජනපතිවරයාට දැනුම් දීමට නියමිතය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අනුමැතියකින් තොරව කරු ජයසූරිය මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් අගමැති තනතුර බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ms and rw

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>