ජනපති ලන්ඩන් නුවරදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, අද (16දා) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සඳහා එක්විය.

බි‍්‍රතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පළ කළහ.

අනතුරුව විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත් සඳහාද ජනාධිපතිවරයා එක්විය.

ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර, ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා, උදා වූ අලුත් අවුරුද්දට සුභාශිංසන පළ කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක් විය.

01 02 04 05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>