ජනපති ධුරය සඳහා ට්‍රම්ප්ට සදාචාරාත්මක අයිතියකි නෑ – හිටපු FBI ප්‍රධානියා කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනපති ධුරය දැරීමට තරම් සදාචාරාත්මක අයිතියක් නොමැති බව හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේ පවසයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය වසරේදී ජේම්ස් කොමේ ධුරයෙන් පහ කිරීමෙන් පසුව ප්‍රථම වරට ප්‍රමුඛ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.

ඒබීසී නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ට්‍රම්ප් දිගින් දිගටම බොරු කියන්නෙකු බවයි. එමෙන්ම, ඔහු නීතියට බාධා කරමින් කටයුතු කරන්නෙකු බවද හිටපු අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ.

මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය වීමට පැය කිහිපයකට පෙර ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ට්‍රම්ප් කියා සිටියේ කොමේ යනු මහා බොරුකාරයෙකු බවයි.

1_Trump

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>