ජනපතිටත් පුටුවට දොළදුක ඇතිවෙලා – විජිත

ජනපතිකම වසර 4 කුත් වැඩියි කියා ජනපති පුටුවේ වාඩිවුන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන් වසර කියක් සිටිය හැකිදැයි අධිකරණයෙන් විමසන බව  ජනාතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පස්වරුවේදි (12) පිළිමතලාවේදී පැවැසීය.

මන්ත්‍රී වරයා මෙසේ පැවැසුයේ 2018 පළාත් පාලන මැතිවරණය සදහා තරග වදින අපේක්ෂකයන් දිනවීම සදහා පිළිමතලාව අරඹේගමදි පැවැති උත්සවයකදීය.

වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්‍රී වරයා මෙසේද කීය.

මේ පුටුවෙ වාඩිවෙච්ච හැම කෙනාටම පෙරේතකම එනව.චන්ද්‍රකා බන්ඩාරනායකටත් ආව , මහින්ද රාජපක්ෂටත් ආව අපි හිතුවෙ මත්‍රීපාල මහත්තයට ඒ දොළ දුක නැ කියල බලාගෙන යනකොට 4 ත් වැඩියි කිවුව මත්‍රීපාල මහත්තය දැන් 6 ක් ඕන කියනව.

ජනතාව එතුමට ඡන්දය දුන්නෙ 4 ක් 5 ක් 6 ක් ඉන්න නෙමේ ගත්තකමන් පුලුවන්නම් විධායක ජනපති කම අයින් කරන්න ඒකට පයින් ගහල 6 ක් ඉන්න හදනවනම් එත්මට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරණ බව ද එහිදි මන්ත්‍රී වරයා කීය.

මේ හොරු කොළ පාට නිල් පාට දෙපැත්ත මාරු කර කර හොරකම් කරනව පේරේද පාර්ලිමේන්තුවෙදි ගුටි කෙලියයි.එක්සත්ජාතික පක්ෂෙ අය කියනව මහින්ද හොරා මහින්ද හොරා කියල අනික් පැත්තෙන් කියනව රනිල් හොරා රනිල් හොරා කියල අපි මේක බලන් ඉදල දෙකම හොරා,දෙකම හොරා,දෙකම හොරා කියල කියනව.

දැන් මේගොල්ලන්ට ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ කවුද වැඩියෙන් හොරකම් කරේ කියල. නාමල් රාජපක්ෂ කියනව අපේ මුලු පාලන කාලයටම වඩා වැඩියි මේ බැදුම්කර හොරකම කියල.ඒ කියන්නෙ පිලිගන්නව අපේ හොරකමට වඩා උබලගේ හොරකම වැඩියි කියල,මේ පැත්තෙන් කියනව අපේ බැදුම්කරේට වඩා උබලගෙ හොරකම වැඩියි කියල දැන් ජනතාවට වි ඇත්තේ තරාදියක දමා කවුද ලොකු හොරා කියා බලන්නට බවද මන්ත්‍රී වරයා එහිදී වැඩි දුරටත් පැවැසිය.

vlcsnap-2018-01-12-20h50m59s029

 

One thought on “ජනපතිටත් පුටුවට දොළදුක ඇතිවෙලා – විජිත

  1. CHITHRANANDA

    බොරුවට කලබල වෙන්න එපා.ටිකක් ඉවසලා හොයලා බලලා කතා කරන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>