ජනපතිගේ වැඩපිළිවෙළට මුස්ලිම් ආගමික නායකයන්ගේ උපරිම ශක්තිය

ජපානයේ නිල රාජ්‍ය සංචාරක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ද ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැතියේය.

කවුරුන් කුමන චෝදනා නැගුව ද ශී‍්‍ර ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කැපවීම ඉතා විශිෂ්ට බවත් එම වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීමට තමන් සූදානම් බවත් මුස්ලිම් ආගමික නායකයන් ජනපතිට පැවැසීය.

මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ, සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මෙම අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාවය පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජිත පිරිස කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා ජාති, ආගම් බේදයකින් තොරව සියලූම ශ‍්‍රී ලාංකිකයින් එක්ව ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයට පත්කර ගත්තේ, සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ මහත් අපේක්ෂාවන් පෙරදැරිව බවයි.

02 copy 03 copy 04

 

One thought on “ජනපතිගේ වැඩපිළිවෙළට මුස්ලිම් ආගමික නායකයන්ගේ උපරිම ශක්තිය

  1. බණ්ඩාර

    මේ ආකාරයටම ජපානයේ ඉන්න බෞද්ධ නායකයිනුත් හමු උනානම් නේද හොඳ? එතකොට ජනාධිපතිතුමාගේ සමානාත්මතාවයක් තියෙනවා කියල පේනව.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>